lichess.org
Donate
Young boy playing chess

Start learning Chess for Free in Sinhala

ChessChess variant
මුල සිට සරලව පියවරෙන් පියවර සිංහලෙන් චෙස් ඉගෙන ගමු.

චෙස් ක්රීඩාව මනසින් සිදු කරන යුද්ධයක් බඳුය. චෙස් ක්රීඩා කිරීමෙන් ලැබෙන ප්රයෝජන රැසක් ලැබෙනවා වගේම මෙය ලොව පුරා ඉතාමත් ජනප්රිය ක්රීඩාවකි. මෙම වීඩියෝ පාඩම් මාලාවෙන් ඔයාලට චෙස් ක්රීඩාව මුල සිට පියවරෙන් පියවර නොමිලේම ඉගෙන ගන්න පුළුවන්.

Lessons Topics

චෙස් ක්රීඩාව හැඳින්වීම
චෙස් ඉත්තන්ගේ ගමන් මාර්ග - පළමු කොටස
චෙස් ඉත්තන්ගේ ගමන් මාර්ග - දෙවන කොටස
චෙක් හා චෙක්මේට් කිරීම
චෙස් කාසලින් කිරීම
පෝන් ප්රමෝශන් කිරීම

චෙස් ක්රීඩාව හැඳින්වීම | Introduction of Chess

චෙස් පුවරුව හා චෙස් ඉත්තන් වර්ග ගැන හොඳ අවබෝධයක් ඔයාලට මේ පාඩමෙන් ලබා ගන්න පුළුවන්.

https://youtu.be/BWSc1RSdrX4 Chamiranga Chess Academy

චෙස් ඉත්තන්ගේ ගමන් මාර්ග - පළමු කොටස | How to move pieces - Part 01

පෝන්, නයිට් හා බිෂොප් යන ඉත්තන්ගේ ගමන් මාර්ග හා ඉත්තන් කපන ආකාරය පිළිබඳ මෙම පාඩමෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්

https://youtu.be/emDDW7ynW2g Chamiranga Chess Academy

චෙස් ඉත්තන්ගේ ගමන් මාර්ග - දෙවන කොටස | How to move Pieces - Part 02

රුක්, ක්වින් හා කිංග් යන ඉත්තන්ගේ ගමන් මාර්ග හා ඉත්තන් කපන ආකාරය පිළිබඳ මෙම පාඩමෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්

https://youtu.be/buwpRALM6zs Chamiranga Chess Academy

චෙක් හා චෙක්මේට් කිරීම | Check and Checkmate

චෙස් ක්රීඩාවේ චෙක් (Check) කියන්නේ මොකක්ද, චෙක් එකක් කරන්නේ කොහොමද සහ ඉන් ආරක්ෂා වෙන්න පුළුවන් ආකාර 03 ගැන වගේම චෙස් ක්රීඩාවේ නවකයින් බොහෝ දෙනෙකුට ගැටලුවක් වෙන චෙස් තරඟයක් දිනන්නේ කොහොමද, නැත්නම් චෙක්මේට් (Checkmate) අවස්ථාව කරන්නෙ කොහොමද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් මේ වීඩියෝ පාඩමෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්.

https://youtu.be/UO9xuZUDrpY Chamiranga Chess Academy

චෙස් කාසලින් කිරීම | Chess Castling

චෙස් ක්රීඩාවේ කාසලින් (Castling) කරනවා කියන්නේ කිංග්ට වඩාත් හොඳ ආරක්ෂාවක් ලබා ගන්න, කිංග් හා රුක් කියන ඉත්තන් දෙන්නම එකවර යොදාගෙන සිදු කරන සුවිශේෂී ඇදීමක්.

https://youtu.be/2gXhBCbWw8o Chamiranga Chess Academy

පෝන් ප්රමෝශන් කිරීම | Pawn Promotion

චෙස් ක්රීඩාවේ පෝන් ප්රමෝශන් (Pawn Promotion), නැත්නම් පෝන් උසස් වීමක් සිදු කරන ආකාරය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ඔයාලට මේ පාඩමෙන් ලබා ගන්න පුළුවන්.

https://youtu.be/oHeuaIJmwQ0 Chamiranga Chess Academy

චෙස් මූලික දැනුමට අදාළ පාඩම් මාලාව සම්පූර්ණ කළ ඔයාලට සෑම සතියකම ඉරිදා දින Lichess මගින් නොමිලේ පැවැත්වෙන චෙස් පුහුණු තරඟ සඳහා සහභාගී වෙන්නත් පුළුවන් ! Click here for more details >>

Practise Smarter, Play Stronger